April 26, 2024

කළු පෙට්ටිය සොයා පරීක්ෂණ තීව්‍ර වෙයි

අතුරුදන් යානයේ කළු පෙට්ටිය සොයා ගැනීම සඳහා සංවේදී උපකරණ සහිත ජලජ ඩ්‍රෝන් යානායක් යොදවා ඇති අතර ඉන් කළු පෙට්ටියේ සංඥාවලට සමාන තරංග ග‍්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් ඒවා නිෂ්චිත වශයෙන් අතුරුදන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත්වන්නේ ද යන්න නිශ්චිත වශයෙන් තහවුරු වී නොමැත.

අතුරුදන් වූ එම යානය සොයමින් නිරීක්ෂණ කණ්ඩායම් මේ වනවිට ඉන්දීය සාගරයේ දකුණුදිග ප‍්‍රදේශයේ දැවැන්ත මෙහෙයුමක් සිදු කරයි.

මේ වනවිට ගුවන් යානා 17 ක් සහ නෞකා 14 ක් ඉන්දීය සාගරයේ පරීක්ෂණ මෙහෙයුම්වල නිරවන බව වාර්තා වේ.

Rate this item
(1 Vote)