May 05, 2024

ඉන්දියාවේ දේව මිනිසා අත්අඩංගුවේ

November 25, 2014
ඉන්දියාවේ දේව මිනිසා යෑයි හඳුන්වන රාම්පාල් මහරාඡ් නමැත්තාගේ 250 කින් යුත් පුද්ගලික හමුදාව පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.
 
අධිකරණ නියෝග නොතකමින් කටයුතු කළ රාම්පාල් අක්‌කර 12 ක ඉඩමේ සැඟවී සිටියදී අසුවිය.
 
15 වැනි සියවසේ විසූ කබිර් නමැති කවියාගේ දෙවැනි ආත්මය තමා බව පවසන රාම්පාල්ට එරෙහිව අධිකරණ නියෝග රැසක්‌ ඇතැයි වාර්තා වේ.
 
රාම්පාල්ගේ අනුගාමිකයන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමේදී හය දෙනකු මරුමුවට පත් වී ඇත.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 November 2014 11:42