May 02, 2024

බැටරි චාජ් කරන්න මළපහ යොදාගනී

November 22, 2014
මළපහ යොදාගෙන ජංගම දුරකථන බැටරි ආරෝපණය කරවිය හැකි ක‍්‍රමයක් සොයාගැනීමට බි‍්‍රතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
ඔවුන් පවසන්නේ මිනිස් මෙන්ම සත්ත්ව මළපහවල සිටිනා බැක්ටීරියාවන් මේ සඳහා යොදාගත් බවයි.
 
මළපහ වල සිටිනා බැක්ටීරියාවන් නිර්වායු බැක්ටීරියා ලෙස හඳුන්වන අතර එම බැක්ටීරියා ස්වසනය සදහා ඔක්සිජන් භාවිතා කිරීමක් සිදුනොකරයි.වෙනස්ම ආකාරයකට ස්වසනය කරන මෙම බැක්ටීරියා එසේ ස්වසනය කරන විට ඉලෙක්ට්‍රෝන ධාරාවක් උපදින බව සොයාගෙන ඇති මේ පර්යේෂක පිරිස කර ඇත්තේ එක් එක් බැක්ටීරියාවගෙන් ලැබෙන ධාරාවන් එකතු කර බැටරි ආරෝපණය සදහා යොදාගැනීමයි.
 
නමුත් මේ ක‍්‍රමයට බැක්ටීරියාවක් වැනි ඉතා කුඩා ජීවියෙකුගෙන් වැඩි විදුලියක් නිපදවා ගත නොහැකි බව සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට වුවද හොඳීන්ම අවබෝධ වන්නකි.
මේ බව පර්යේෂකයින්ද පිළිගනී.ඔවුන් පවසන්නේ තවදුරටත් පර්යේෂණ කිරීම මගින් බැක්ටීරියා නිපදවන විදුලි ධාරාව තවත් වැඩිකර ගත හැකි ක‍්‍රමයක් සොයාගත හැකි වනු බවයි.
තමන් මේ සම්බන්ධයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කළේ ඉවත ලන අපද්‍රව්‍යයකින් ඉදිරියේදී ලොව උද්ගතවිය හැකි ශක්ති අර්බුදයකට පිළියම් සෙවීමේ අරමුණ ඇතිව බව ඔවුන් කියයි.
මින් පෙර අවස්ථාවක බි‍්‍රතාන්‍යයේම බි‍්‍රස්ටල් පර්යේෂණායතනයේ විද්‍යාඥයින් පිරිසක් සුලූ දියෙන් ආරෝපණය වන ජංගම දුරකථනයක් එළිදැක්වූහ.
 
ඔවුන්ද පවසා සිටියේ ළග එන ලකුණු පෙනෙන ශක්ති අර්බුදයට දැන් දැන්ම සූදානම් වී සිටිය යුතු බවයි.
Rate this item
(0 votes)