May 03, 2024

කුලයට එරෙහි වු ඇඟේ ඉරණම

November 21, 2014
ඉන්දියාවේ දිල්ලි අගනුවර දෙමාපිය යුවලක් පවුලට අවමානයක් ලෙස සලකා සිය දියණිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය වාර්තා කරයි.ඝාතනයට ලක් වූ තරුණිය, භවානා යාදව් විසි එක් හැවිරිදි සිසුවියක් වන අතර මේ මස ආරම්භයේ දී ඇය තමන් සමග ඉගෙනීම් කළ තරුණයෙකු සමග විවාහ වී ඇත.
 
පවුලේ කැමැත්තට එරෙහිව පහත් යැයි සලකනු ලබන කුලයක තරුණයකු සමග විවාහ වීම භාවනා ඝාතනය කරනු ලැබීමට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
 
පොලිසිය සැක කරන්නේ භාවනාගේ දෙමව්පියන් විසින් ඇයගේ ගෙල සිර කොට ඝාතනය කරනු ලැබීමෙන් පසු මළ සිරුර පුළුස්සා ඇති බවයි.
 
කුළ ක්‍රමයට එරෙහිව සිදු වන විවාහ පවුලේ ගෞරවයට හානියක් ලෙස සලකා පහත් යැයි සැලකෙන කුලවල පුද්ගලයන් සමග විවාහ වන දරුවන් මරා දැමීම ඉන්දියාවේ සුලබ ව දැකිය හැකි බවයි වාර්තා වන්නේ.
 
Rate this item
(0 votes)
Last modified on Friday, 21 November 2014 10:46