May 03, 2024

ස්පාඤ්ඤයේ ධනවත්ම කාන්තාව මිය යයි

November 21, 2014
ස්පාඤ්ඤයේ ධනවත්ම කාන්තාවක් ලෙස සැලකෙන ඇල්බා ආදිපාදවරිය අවුරුදු 88ක් ආයු වළඳා මියගොස් ඇත.
ලොව පුරා මහත් කතාබහට ලක්වූ ආදිපාදවරියක් ලෙස සැලකෙන මාරියා ඩෙල් රොසාරියෝ සෙයිටානා ෆිට්ස්-ජේම්ස් නම් වූ ඇය සෙසු ධනවත් කාන්තාවන්ට වඩා මාලිගා, දැවැන්ත වත්කම්, මිලකළ නොහැකි සිතුවම්වලට හිමිකම් කියන්නියක ලෙස වාර්තා වේ.
 
පසුගිය 2011 වසරේදී තමන්ට වඩා වසර 25ක් ළාබාල අල්ෆොන්සෝ ඩයෙස් සමග විවාහ ගිවිසගත් ඇය තමාගේ රූපය සැරසීමට කළ හැකි සෑම දෙයක්ම සිදුකළ තැනැත්තියක බවද කියැවෙයි.
 
කෙසේ වෙතත්, තම නිවසේදී අසනීප වූ ඇය නිවසේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
Rate this item
(0 votes)
Last modified on Friday, 21 November 2014 09:17