May 03, 2024

මීනිමරු පලස්‌තීනුවන්ගේ ගෙවල් ගිනිතැබිමට ඊශ්‍රායල් අගමැති සැරසේ

November 20, 2014

යුදෙව් දෙව්මැඳුරකදී පස්‌ දෙනකු මරා දැමූ පලස්‌තීනුවන් දෙදෙනාගේ නිවාස විනාශ කරන බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කරයි.

උදේ සහ රයන් අබු ජමාල් නමැති මෙම පලස්‌තීනුවන් දෙදෙනා ඊශ්‍රායල් පොලිසිය විසින් මරා දමා ඇත. පිහි කෙටේරි හා තුවක්‌කු රැගෙන දෙව්මැඳුරට ඇතුල් වූ මොවුන් සිදු කළ ප්‍රහාරය නිසා අටදෙනකු තුවාල ලබා ඇති බවට වාර්තා වේ.

මෙම මිනිස්‌ ඝාතනය වීර ක්‍රියාවක්‌ ලෙස හමාස්‌ නායක බුෂිර් අල් මයාරි පවසා තිබේ. මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ කළ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ත්‍රස්‌තවාදීන් හමුවේ ඊශ්‍රායලය හිස නමන්නේ නැති බවයි.

Rate this item
(0 votes)