May 03, 2024

ISIS ඉස්ලාමීය අන්තවාදීන්ට එකතු වු ජිහාඩ් අන්තවාදීන්

November 20, 2014

ඉරාකයේ සහ සිරියාවේ සටන්වදින ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමග එක්වීමට ප්‍රංශයෙන් ජිහාඩ් අන්තවාදීන් 1000ක් පමණ එම රටවලට ගොස් ඇති බව ප්‍රංශ බුද්ධි අංශ අනාවරණය වී ඇත.

පසුගියදා ගෙල සිඳී ඝාතනයට ලක්කෙරුණු ඇමෙරිකානු ජාතික කාසිග් දැක්වෙන වීඩියෝවේ සිටින දෙවැනි ප්‍රංශ ජාතිකයාද එරට බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇති අතර, ඔහු එරට නැගෙනහිර පැරීසියේ ජීවත් වූ 22 හැවිරිදි තරුණයෙකු බවද කියැවෙයි.

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ප්‍රංශ ජනාධිපති හොලන්දේ පවසා සිටියේ එම වීඩියෝවේ ප්‍රංශ ජාතිකයන් සිටි බවයි. ඉන් එක් අයෙකු හඳුනාගෙන ඇති බවත්, අනෙක් තැනැත්තා හඳුනාගැනීම සිදුවෙමින් පවතින බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

එහිදී, වැඩිදුරටත් අදහස් දක්වා ඇති ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රංශයේ වෙසෙන මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ ජිහාඩ් අන්තවාදීන් සමග තම දරුවන් එක්වීමේ වැඩි නැඹුරුතාවක් පවතින බැවින්, වඩාත් කල්පනාකාරී වන ලෙසයි.

මේ අතර, ප්‍රංශය තුළ ආරක්ෂාව තර කරමින්, විශේෂ බුද්ධි මෙහෙයුම් අරඹා ඇති බවද විදෙස් පුවත් සේවා වැඩිදුරටත් වාර්තා කරයි.

Rate this item
(0 votes)