May 02, 2024

ජපානයේ හදිසි මැතිවරණයක්

November 19, 2014
ජපාන අගමැති ෂින්සෝ අබේ හදිසි මහ මැතිවරණයක් කැඳවා ඇති බව වාර්තා වේ.ජපාන මහ මැතිවරණය පැවැත්වීමට වසර දෙකක්තිබියදී ජපාන අගමැතිවරයා මෙසේ හදිසි මැතිවරණයක් ලබන දෙසැම්බර් මාසයේදී කැඳවා තිබේ.
 
මාධ්‍ය හමුවක් කැඳවමින් අගමැතිවරයා මෙම සතිය අවසානයේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින බව දැනුම් දි ඇත.දළ දේශීය නිෂ්පාදනය ශීඝ්‍රයෙන් පහළ යමින් තිබූ ජපාන ආර්ථිකය යළි අවපාතයකට ලක්වෙමින් පවතින පරිසරයක් තුළ ජපාන අගමැතිවරයාගේ ජනප්‍රියත්වයද පහළ යමින් පැවති බව කියැවේ.
 
කෙසේ වෙතත්, දෙසැම්බර් මැදදී පැවැත්වෙන මැතිවරණය ජයග්‍රහණය කිරීමට ෂින්සෝ අබේ බලාපොරොත්තු වෙයි.
 
Rate this item
(0 votes)