May 06, 2024

G20 ඉවරයි

November 18, 2014

G20 රටවල ආර්ථික වර්ධනයන් ඉහළ නැංවීමේ රාජ්‍ය නායක පොරොන්දුව යළි සිහිපත් කරමින් මෙවර සමුළුවේ සත්කාරකත්වය දැරූ ඔස්ට්‍රේලියානු අගමැති ටෝන් ඇබොට් විසින් G20 සමුළුව අවසන් කළ බවට වාර්තා වේ.

මෙවර සමුළුවේදී G20 රටවල නායකයන් තම ආර්ථිකයන් වර්ෂ 2018 වනවිට 2.1% කින් වර්ධනය කිරීමේ පොරොන්දුවක් ලබාදුන් අතර, ලෝක ආර්ථිකය වෙත ඇ.ඩො.ට්‍රිලියන 2ක් එකත් කිරීම ඔවුන්ගේ වෑයම විය.

මේ අතර, මෙවර සමුළුවේදී වැඩි අවධානයක් යුක්රේන අර්බුදය වෙත යොමු වූ අතර, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් මෙහිදී දැඩි දෝෂ දර්ශනයකටද ලක්විය.

එමෙන්ම, G20 සමුළුවට පැමිණි ජනාධිපති බරැක් ඔබාමා ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ගැටුම්වලට ලබාදෙන සාමකාමී විසඳුම් ජාත්‍යන්තර නීතිය මත යැපිය යුතු බව පවසා සිටියේය.

එමෙන්ම, විශාල රාජ්‍යයන් කුඩා රාජ්‍යයන්ට හිරිහැර කිරීම නොකළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Rate this item
(0 votes)