May 06, 2024

ඇමෙරිකානුවා ඝාතනය කළ ISIS අන්තවාදීයාගේ අනන්‍යතාව සොයයි

November 18, 2014
ඇමෙරිකානු ජාතික අබ්දුල් රහ්මන් කාසින්ගේ ගෙල සිඳ ඝාතනය කළ ISIS ඉස්ලාමීය අන්තවාදීයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා බටහිර බුද්ධි අංශ කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.26 හැවිරිදි කාසින්ග් ඉස්ලාමීය අන්තවාදීන් අතින් ගෙල සිඳ ඝාතනයට ලක්වූ පස් වැනි බටහිර ජාතිකයා වේ.
 
 ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි එම ඝාතනය දැක්වෙන වීඩියෝවේ සිටින එක් අන්තවාදියෙකු ප්‍රංශ ජාතිකයෙකු බව තහවුරු වි ඇත.කෙසේ වෙතත් විනාඩි 16ක කාලයක් ඇදී යන එම වීඩියෝවේ සිටින ජිහාඩ් අන්තවාදීන් අතර තම පුතා නොමැති බව බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පවසමින් ඩේලිමේල් පුවත ප්‍රතික්ෂේප කර තිබේ.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 November 2014 12:02