May 06, 2024

කුඩා රාජ්‍යයන් ට හිරිහැර බෑ - බැරක් ඔබාමා 

November 16, 2014

ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාව සහ ගැටුම්වලට ලබා දෙන සාමකාමී විසඳුම් ජාත්‍යන්තර නීතිය මත යැපිය යුතු බව අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කළේය.

විශාල රාජ්‍යයන් කුඩා රාජ්‍යයන් ට හිරිහැර කිරීම නොකළයුතු බව  බ්‍රිස්බෙන් හි G20 සමුළුව ආරම්භ කිරීමට මොහොතකට පෙර අදහස් දැක්වමින් කියා සිටියේය.

“අපි විශ්වාස කරනව රටවල් සහ ඒවායේ ජීවත්වන මිනිස්සුන්ට අයිතියක් තියනව සාමයෙන් සහ ආරක්ෂාව සහිතව ජීවත් වෙන්න. ඒ අනුව ආසියාවේ ආරක්ෂාව පදනම් විය යුත්තේ බලකිරීම්, බිය වැද්දීම් වැනි විශාල රටවල් විසින් කුඩාරටවල් වලට කරනු ලබන හිරිහැර කිරීම් මත නොවෙයි. ගැටුම් වලට සාමකාමී විසඳුම් ලබා දෙන මිත්‍රශීලී ආරක්ෂක සහයෝගීතාව හා ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීම තුලින්.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

(බීබීසි)

Rate this item
(0 votes)