May 06, 2024

හොංකොං සිසු නායකයන් තිදෙනෙකුට ගුවන් ගමන් තහනම්

November 16, 2014

ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා හොංකොං හි පැවැති විරෝධතාවන් වලට නායකකත්වය දුන් සිසු නායකයන් තිදෙනෙකුට චීන නායකයන් මුණගැසීම සඳහා චීනයට යාමට අවසර දීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙයි.

මෙම සිසු නායකයන් තිදෙනාට හොංකොං ගුවන් තොටුපළෙන් ගුවන් යානයට නැගීමට ඉඩ දී නැත්තේ ඔවුන් ගේ ආපසු ආපසු පැමිණීමේ අවසර පත්‍රය වලංගු නොවන නිසා බව බලධාරීන් ප්‍රකාශ කර ඇතැයි බීබීසි ප්‍රවෘත්ති සේවය පවසයි.

2017 දී පැවැත්වීමට නියමිත හොංකොං හි නායකත්වය සඳහා වූ මැතිවරණයට තරඟ කිරීමට වැඩි අපේක්ෂකයන් සංඛ්‍යාවකට ඉඩ දෙන ලෙස බේයිජිං පාලනයට බල කරමින් පසුගිය සැප්තැම්බර් මස අග භාගයේ සිට විරෝධතාකරුවන් වීදි පුරා කඳවුරු ලා සිටින බවද එම මාධ්‍ය වාර්තා කළේය.

(බීබීසි)

Rate this item
(0 votes)