April 28, 2024

ජපාන අගමැති හදිසි මැතිවරණයකට යයි

November 16, 2014

සිය ප‍්‍රතිපත්තිවලට මහජන සහය ලබාගැනීමේ අරමුණින් කඩිනම් මැතිවරණයක් පැවැත්වීමට ජපාන අගමැති ෂින්සෝ අබේ තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව එම මැතිවරණය ලබන දෙසැම්බර් 15 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. කෙසේ නමුත්, අගමැති ෂින්සෝ අබේගේ වත්මන් ධුර කාලය 2016 වසරේ දෙසැම්බර් මාසයේදී අවසන්වීමට නියමිතව ඇත. 

බදු වැඩි කිරීම් පමා කිරීම වත්මන් ජපාන රජය ගෙන ඇති ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය පියවරක් වන අතර මැතිවරණය ඒ සඳහා ජනතා කැමැත්ත විමසා බැලීමක් ලෙස සැලකෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)