April 28, 2024

මතක අමතක නොවන පෙත්තක්

November 13, 2014
රෝග නිවාරණයට දහසකුත් එකක් පෙති වර්ග ඇති මේ කාලයේ මතකය වඩා ගැනීමටත් පෙත්තක් හදුන්වාදීමට යන ලකුණු බි‍්‍රතාන්‍යයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ පිරිසක් සිදුකරමින් සිටින පරීක්ෂණයකට අනුව කරණු හෙළිකර ඇත.
 
මොළයේ මතක තබා ගැනීමේ හැකියාව වර්ධනය කරවා ගත හැක්කේ කෙසේදැයි සොයාබැලීමට පර්යේෂණ කරමින් සිටින මෙම විද්‍යාඥ පිරිස පවසන්නේ මොළයේ ඇතිවන නියුරෝන සබදතා ප‍්‍රමාණය වැඩි කර ගැනීමට හැකිනම් මතක තබා ගැනීමේ ශක්තියද ඉහළ දමා ගත හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.
 
එසේ නමුත් ස්වභාව ධර්මයා මොළයේ වරෙකදී ඇතිවිය හැකි නියුරෝන සබදතා සංඛ්‍යාවට සීමාවක් පනවා තිබේ.පර්යේෂක පිරිස පවසන ආකාරයට ඒ සදහා හේතුවන්නේ විශේෂ ප්‍රෝටීනයකි.ළමා වියේදී සීඝ‍්‍රයෙන් වර්ධනය වුවද වැඩිහිටි විය එළැඹෙන විට මොළයේ වර්ධනය නතර වීමට හේතු වන්නේ එම ප්‍රෝටීනය බව ඔවුන් පවසයි.
මෙම ප්‍රෝටීනය සතුන්ගේද හදුනාගත හැකි බවත් ඒ අනුව සතුන් ආශ‍්‍රයෙන් පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති විද්‍යාඥ පිරිස එම ප්‍රෝටීනය නිපදවීම වළක්වා එම සතුන්ගේ මොළයේ නියුරෝන සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරවා ගත හැකිවේදැයි සොයාබලා ඇත.
 
පර්යේෂණය සාර්ථක කරමින් අනාවරණවය තිබෙනුයේ එම ප්‍රෝටීනය නිපදවීම නැවතු විගස මොළයේ වැඩි වැඩියෙන් නියුරෝන සබදතා ඇතිවන්නට ගත් බවය.එනම් මොළයේ මතක ශක්තිය ඉහළ ගොස් ඇත.
ඒ අනුව එම සතුන් වෙනදාට වඩා හොදින් පරීක්ෂණ වලට මුහුණදීමටත්,ප‍්‍රතිචාර දැක්වීමටත් පටන්ගෙන ඇත.
කෙසේනමුත් මෙය මිනිසුන්ට ආදේශ කිරීමට ප‍්‍රථමයෙන් තවත් බොහෝ පර්යේෂණයන් කළ යුතුව ඇති බව විද්‍යාඥ පිරිස කියයි.
 
සාර්ථක වුවහොත් අංශභාග රෝගීන්ට,මානසික රෝගාබාධ වලින් පෙළෙන්නවුන්ට එය සුභ ආරංචියක්ම වනු ඇත.
ලංකාදීප
Rate this item
(0 votes)
Last modified on Thursday, 13 November 2014 12:13