April 28, 2024

පෝලන්තයේ නිදහස්‌ දිනය දා ගැටුම්

November 13, 2014
පෝලන්තයේ නිදහස්‌ දිනය දා විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ඇති වූ ගැටුමක්‌ නිසා 220 ක්‌ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
 
මුහුණු ආවරණ කර ගත් විශාල පිරිසක්‌ පෙට්‍රල් බෝම්බ ප්‍රහාර එල්ල කරමින් වෝර්සෝ නගරයේදී කළබලකාරී තත්ත්වයක්‌ ඇති කර තිබේ.
 
මෙම විරෝධතාකරුවන් පෝලන්ත ජාතිවාදී කණ්‌ඩායමක්‌ යෑයි අනාවරණය වී ඇත.
 
මොවුන් පොලිස්‌ අණ නොතකා විරෝධතා පෙළපාලියක්‌ සංවිධානය කර තිබූ බව පොලිසිය කියයි.
 
Rate this item
(0 votes)