May 10, 2024

චීන ජනාධිපති සහ ජපන් අගමැති ප්‍රථම වරට හමුවේ

November 11, 2014
චීන ජනාධිපති ශී ජින්පින්ග් සහ ජපන් අගමැති ශින්සෝ අබේ බලයට පත් වීමෙන් අනතුරුව ප්‍රථම වරට දෙදෙනා අතර සාකච්ඡා ආරම්භ ඇති බව වාර්ථා වේ.‍ෙ සාකච්ඡා පැවැත්වෙන්නේ බීජිං නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතා සමුළුවට සමගාමීව යි.
 
දූපත් කිහිපයක අයිතිය පටන් ගෙන  වසරක් තිස්සේ උත්සන්න වෙමින් පවතින කලාපීය මතභේද පිළිබඳව දෙරටේ නායකයන් මෙහිදී කතා බහ කිරීමට නියමිතවේ .‍
 
කෙසේ වෙතත් ලෝකයේ දෙවැනි සහ තුන් වැනි විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙක අතර පැවැත්වෙන මෙම සාකච්ඡා ඉතා වැදගත් වන බවයි විශ්ලේෂකයන් වැඩි දුරටත් පවසා සිටින්නේ.
Rate this item
(0 votes)