May 06, 2024

කාෂ්මීරයේ මියගිය ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් හමුදාව සමාව ඉල්ලයි

November 10, 2014
ඉන්දියානු පාලනයේ පවතින කාෂ්මීරයේ පසුගිය දිනක හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ළමුන් දෙදෙනකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් හමුදාව සමාව අයැද සිට ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.
හමුදාව මෙසේ සමාව අයැදිමින් නිවේදනයක් නිකුත් කර තිබිම මෙවන් වරදක් සිදුවීම සම්බන්ධයෙන් මෙතරම් ඉක්මනින්ම ප්‍රකාශයක් නිකුත් කිරීම විශේෂ සිදුවීමක් ලෙස වාර්තා කර තිබේ.
 
මෙම ඝාතනයන් සිදුවූ දිනයේම හමුදා උසස් නිලධාරියකු ජම්මු ප්‍රාන්තයේ ශ්‍රිනාගර් වෙත ගොස් මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා ඇත. එහිදී මෙම සංචාරයේ යෙදී උතුරු ප්‍රදේශයේ අණදෙන නිලධාරී ඩී. එස්. හූඩා වාර්තාකරුවන්ට පවසා සිට ඇත්තේ සිදුවී ඇති ළමා මරණ දෙකෙහි වගකීම භාරගන්නා බවය. 
 
 ඔහු පවසා ඇත්තේ වරදක් සිදුවී ඇති බවත් එය සිදුවීමටද හේතුව වශයෙන් පෙන්වා ඇත්තේ තම හමුදාවන් ලැබුණ තොරතුරක් හේතුවෙන් මෙසේ අවි භාවිතා කර ඇති බවය. හමුදාවට ලැබි තිබූ තොරතුර වී ඇත්තේ සුදු පැහැති මෝටර් රථයකින් ත්‍රස්තවාදීහු පිරිසක් ගමන් කරන බවය.
 
Rate this item
(1 Vote)