May 06, 2024

බර්ලින් තාප්පය කඩා දමා ජර්මනිය සැණකෙළි පවත්වයි

November 10, 2014
සුප‍්‍රකට බර්ලින් තාප්පය කඩා දමා වසර 25ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ජර්මනිය පුරා ඊයේ සැණකෙළි පැවැත්විය. 
එම සැණකෙළි නිමාවට පත් වූයේ රාති‍්‍ර අහසට වායු බැලූන අට දහසක් මුදා හැරීමෙන් පසුවයි.  ලේසර් කිරණ සහ තවත් විදුලි ආලෝක කදම්භවලින් ද රාති‍්‍ර අහස අලෝකමත් විය.
 
බර්ලින් තාප්පය ඉදි කර ඇත්තේ 1961 වසරේදීයි. ජනතාව නැගෙනහිර කොමියුනිස්ට් රාජ්‍යයන් වෙත ගමන් කිරීම වළක්වාලීම එහි අපේක්ෂාව විය. එය කඩා දැමීම ඇමෙරිකාව සහ රුසියාව අතර පැවති සීතල යුද්ධය නිමා වූ බවට සංකේතයක්ද වන බවයි දේශපාලන විචාරකයන් පවසා සිටින්නේ.
 
 
Rate this item
(0 votes)