රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලව්රෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ඇමැතීම ආරම්භයේදී සුවිශේෂී සිදුවීමක් සිදු වුනා.
ඒ බොහෝ රටවල නියෝජිතයින් සම්මන්ත්‍රණ ශාලාවෙන් නැගිට යාමයි.
තාක්ෂණය ඔස්සේ
රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සමුළුව ඇමතුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ.
ඔහුගේ කතාව ආරම්භයේදී සමුළුවට සහභාගි වූ බොහෝ රටවල නියෝජිතයින් සම්මන්ත්‍රණ ශාලාවෙන් නැගිට යන වීඩියෝවක් මාධ්‍ය වෙත මුදා හැර තිබුනේ ප්‍රංශ නියෝජිත පිරිස විසින්.
ට්විටර් පණිවිඩය
එපමණක් නොව ප්‍රංශ නියෝජිත පිරිස ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
යුක්රේනියාවට සහාය පළ කිරීම පිරිස එවැනි පියවරක් ගත් බවයි ඉන් කියවෙන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සමුළුව මේ වන විට ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ පැවැත්වෙනවා.