රුසියාව හා යුක්රේනියාව අතර සාම සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශවයම කැමැත්ත පළ කර තිබෙනවා.
ඒ බෙලරුස් (බෙලොරුසියාව) රාජ්‍ය හා යුක්රේනියාව අතර දේශ සීමාවේදී.
යෝජනාව රුසියාවෙන්
සාකච්ඡා කරන එම ස්ථානයේ යෝජනා කළේ රුසියානු ජනාධිපති වැල්ඩ්මී පුටින් විසින්.
එහෙත් යුක්රේනියාව ප්‍රථමයෙන් පුටින් යෝජනා කළ එම ස්ථානය ප්‍රතික්ෂේප කළා.
විරෝධයට හේතුව
එහෙත් පසුව යුක්රේනියානු ජනපති වොලොඩමිර් සෙලෙන්ස්කි සහ බෙලරුස් නායක ඇලෙක්සැන්ඩර් ලුකසෙන්කෝ අතර පැවැති දුරකථන සංවාදයකින් අනතුරුව එම ස්ථානයේ සාකච්ඡා පැවැත්වීමට යුක්රේනියාව එකඟ වුණා.
යුක්රේනියාව කලින් එම ස්ථානයේ සාකච්ඡා පැවැත්වීමට විරුද්ධ වූයේ යුක්රේනියාව ආක්‍රමණයට පෙර රුසියානු හමුදා බෙලරුස් දේශ සීමාවේ නතර කර තැබීමට අවසර දීම නිසා.