May 02, 2024

රුසියානු - යුක්රේනියානු යුද උණුසුම පහව යයි: ඇමරිකාව සාකච්ඡාවකට කැමති වෙයි

February 18, 2022

රුසියාව යුක්රේනියාව ආක්‍රමණය කිරීමේ අදහස අතහැර හෝ කල් දමා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඇමරිකාවේ වොෂින්ටන් නුවරින් ලැබුණු පණිවිඩයක් හේතුවෙන්.

ඉහළ පෙලේ සාකච්ඡාව

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන් (ANTONY BLINKEN) විසින් රුසියානු රාජ්‍ය ලේකම් සර්ජි ලැව්රෝව් (SERGEI LAVROV) මුණ ගැසීම සඳහා කරන ලද ආරාධනය පිළි අරගෙන තිබෙනවා.

එම සාකච්ඡාව යෝජනා කළේ ඇමරිකාව බවයි ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් (NED PRICE) ප්‍රකාශ කරන්නේ.

එම ඇරයුමෙන් ආරාධනා කර තිබෙන්නේ එළඹෙන සතියේදී දෙපාර්ශවය අතර රුසියානු - යුක්‍රේනියානු අර්බුදය ගැන සාකච්ඡාවක් පැවැත්වීමට.

අර්බුදය විසඳීමේ එකම මග

දෙරට අතර පවතින මෙම අර්බුදය විසඳාගත හැකි එකම සාධාරණ මග රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම සහ සාකච්ඡා කිරීම බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා වැඩි දුරටත් සඳහන් කරනවා.

යුක්රේනියාවට , ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් නේටෝ (NETO) සංවිධානයේ සාමාජිකත්වය ලබා දීමට තැත් කිරීමක් මුල් කොටගෙනයි රුසියාව යුක්රේනියානු දේශසීමාවේ සිය යුද බලය ශක්තිමත් කළේ.

සිය රටේ ආරක්ෂාවට අසල්වැසි යුක්රේනියාවේ තත්ත්වය උපාය මාර්ගිකව ඉතා වැදගත් වන බවයි රුසියාව පෙන්වා දෙන්නේ.

මේ වන විට රුසියානු හමුදා භටයන් 1, 30, 000 ක් සමග ආයුධ , යුද ටැංකි යුක්රේනියානු දේශසීමාවේ රුසියාව විසින් ස්ථානගත කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 February 2022 15:39