May 02, 2024

ඩිස්කෝ රාජා දිවියෙන් සමුගනී

February 16, 2022

80 සහ 90 දශකවල ඉන්දියාවේ ඩිස්කෝ සංගීතය ජනප්‍රිය කළ සංගීත නිර්මාපකයෙකු සහ ගායකයෙකු වූ Bappi Lahiri අද (16) මුම්බායිහි ක්‍රිටිකෙයාර් රෝහලේදී මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔහු මියයන විට 69 වියේ පසුවුණා.

Bappi Lahiri 1970-80 දශකයේ අග භාගයේ ‘චල්තේ චල්තේ’, ‘ඩිස්කෝ ඩාන්සර්’ සහ ‘ෂරාබි’ වැනි චිත්‍රපට කිහිපයකම ජනප්‍රිය ගීත ඉදිරිපත් කරනු ලැබුවෙක්.

ඔහුගේ අවසන් බොලිවුඩ් ගීතය වන්නේ 2020 වසරේ ‘Baaghi 3’ චිත්‍රපටය වෙනුවෙන් කළ  “Bhankas” නම් වුණා.

“Bappi Lahiri  මාසයක කාලයක් රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගැනීමෙන් පසු සඳුදා (14) දිනයේ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

නමුත් අඟහරුවාදා (15) ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරුණු අතර ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ නිවසට  වෛද්‍යවරයෙක් ගෙන්වා උපදෙස් ලබා ගත් බවයි පැවසෙන්නේ .

පසුව ඔහුව රෝහලට රැගෙන ආවත් තිබුණු  සෞඛ්‍ය ගැටලු කිහිපයක් හේතුවෙන් මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය දීපක් නම්ජෝෂි පවසා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 February 2022 13:47