May 06, 2024

බිල්ලාඩන් ඝාතකයා ඇමරිකාවට චෝදනා කරයි

November 07, 2014
අල්කයිදා නායක බින්ලාඩන් ඝාතනය කළේ ඇමරිකානු නාවික සීල් භටයකු වූ රොබට්‌ ඕනිල් යෑයි අනාවරණය වි තිබේ.
 
සීල් බළකායෙන් ඉවත් වූ රොබට්‌ ඕනිල් තමාට නිසි සෞඛ්‍ය ආරක්‍ෂක රැකවරණයක්‌ සහ විශ්‍රාම යැමේදී සැපයෙන හිමිකම් ලබාදීමට ඇමරිකානු බලධාරීන් ක්‍රියා කර නැතැයි චෝදනා කර ඇත.
 
තමා ඇමරිකානු හමුදාව වෙනුවෙන් මෙහෙයුම් 300 කට අධික සංඛ්‍යාවකට සහභාගි වී ඇති බවත් සතුරන් 300 ක පිරිසක්‌ විනාශ කළ බවත් ඔහු කියා සිටියේය.
 
තමා අයිසිස්‌ ත්‍රස්‌තයන්ට බියක්‌ නැතැයි පවසන රොබට්‌ ඕනිල් එම ත්‍රස්‌තයන්ට නිසි ලෙස සටන් කිරීමට නොහැකි බවද පළ කර ඇත. 
Rate this item
(0 votes)