May 04, 2024

බංග්ලාදේශ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට කඩිනම් පියවර ගන්න - බංග්ලාදේශ අගමැතිනි ‘ෂීක් හසීනා’

November 05, 2014
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන බංග්ලාදේශ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස බංග්ලාදේශ අගමැතිනි ‘ෂීක් හසීනා’ ඉන්දියානු රජයෙන් ඉල්ලා තිබේන බව වාර්තා වේ .පසුගියදා බටහිර බෙන්ගාලයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය දෙදෙනා බංග්ලාදේශ ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයන් බව හෙළි වූ අතර අගමැතිනිය ඒ බව අනාවරණය කරමින් වැඩිදුරටත් කියන්නේ බංග්ලාදේශ ත්‍රස්තවාදීන් බටහිර බෙංගාලයේ ආරක්ෂාව යටතේ  හිඳිමින් සිය රජයට එරෙහිව කුමන්ත්‍රණ සිදුකිරීම සිත් වේදනාවට කරුණක් බවත්ය. 
 
මේ අතර පසුගියදා බංග්ලාදේශයේ ජාතික විමර්ශන ආයතනය සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අගමැතිනි ෂීක් හසීනා හා බංග්ලාදේශ ජාතික පක්ෂ නායිකා කලිඩාෂියා ඝාතනය කිරීමට ත්‍රස්තවාදී සංවිධානයක් සිදුකළ කුමන්ත්‍රණයක්ද හෙළිකර ගැනීමට හැකිවිය.  
Rate this item
(0 votes)