May 03, 2024

ඉන්දු පාකිස්‌තාන් වගා දේශසීමාව අසල මරාගෙන මැරෙන බෝම්බකරුවකු කළ පිපිරීමකින් 60 ක්‌ මරුට

November 04, 2014
න්දු පාකිස්‌තාන් වගා දේශසීමාව අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු සිදු කළ පිපිරීමකින් 60 ක්‌ මිය ගොස්‌ 110 ක්‌ තුවාල ලබා තිබේ.
 
 පිපිරීම මෙහෙයවා ඇත්තේ ජුන්දුල්ලා සහ ජමාන් අහාරාඡ් නමැති තහනම් සංවිධාන යෑයි හෙළි වී තිබේ. මියගිය පිරිස අතර කාන්තාවන් 10 සහ ළමුන් හත්දෙනකු සිටින බව පාකිස්‌තාන් නිලධාරීහු පවසා තිබේ.
 
බෝම්බකරු වගා මුරපළ අසලදී පරීක්‍ෂාවට ලක්‌ කිරීමට සූදානම් වූ අවස්‌ථාවේ පිපිරීම සිදු කර ඇතැයි පන්ජාබ් පොලිස්‌පති මුස්‌තාන් සුක්‌නෙත් පැවසීය. සෑම දිනකම වගා දේශසීමාව අසල ඉන්දියා පාකිස්‌තාන් සෙබළුන් රැස්‌ වී සිය ජාතික ධජය පහත හෙළිමේ. උත්සවවලට සහභාගි වන අතර එය නැරඹීමට විශාල පිරිසක්‌ පැමිණෙන බව වාර්තා වේ.
Rate this item
(0 votes)