May 04, 2024

කැලිෆෝනියා ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළි හතර දෙනකු මිය යයි

November 03, 2014
කකුළුවන් නිරීක්ෂණයේ යෙදෙන පස් දෙනකු රැගත් බෝට්ටුවක් නැගෙනහිර කැලිෆෝනියා ප්‍රාන්තයේ මුහුදු තීරයේදී අනතුරකට ලක්වීමෙන් හතර දෙනකු මිය ගොස් ඇති බවත් අනෙකා ජීවිතය ගලවාගෙන තිබෙන බව එරටින් වාර්තා වේ.
 දිවි ගලවාගත් හැටහය හැවිරිදි ෆිලිප් සන්චෙස් පවසන අන්දමට ඔවුන් පෙරවරු 8.30ට පමණ දියඹට ගිය බවත් ඒ වන විට තවත් පිරිස් නිරීක්ෂණ කටයුතුවල යෙදී සිටි බවත් පවසා ඇත.
 
එහෙත් ඒ වන විට පැවැති කාලගුණික තත්ත්වය එම ක්‍රියාවන්ට සුදුසු තත්ත්වයක නොතිබූ බව සඳහන් කර තිබේ. සිද්ධිය සිදුවන විට මුහුදු රළ අඩි නවයක් පමණ ඉහළට නගිමින් තිබූ බවත් පැයට හැතැප්ම 20ක වේගයෙන් හැමූ සුළඟ හේතුවෙන් තමන් ගමන් ගත් අඩි 32ක් දිගැති බෝට්ටුව පෙරළුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
 
මරණයට පත් වූවන්ගේ මළ සිරුරු ගොඩබිම සිට මීටර් 40ක පමණ දුරින් පිහිටි ස්ථානයකදී වෙරළාරක්ෂක කණ්ඩායම් විසින් සොයාගෙන ඇත. වෙරළ ආරක්ෂකයින් පවසා ඇත්තේ ආරක්ෂිත ඇඳුම් පැලඳුම් බෝට්ටුව තුළ තිබුණද එයින් කිසිවක් බෝට්ටුවේ සිටි අය පැලඳ නොසිටීම හේතුවෙන් මොවුන් මෙසේ මරණයට පත්වන්නට ඇති බවත්ය.
Rate this item
(0 votes)