May 15, 2024

ප‍්‍රසිද්ධියේ සිප වැළඳ ගැනිමට ගොස් පොලිසියට කොටු

November 03, 2014
ප‍්‍රසිද්ධියේ සිප වැළඳ ගනිමින් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට උත්සහ කළ පිරිසක් ඉන්දීය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එරට මාධ්‍ය වාර්තා අනාවරණ කළේ කොචින් හි කෝචී වෙරළ තීරයේදී මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිබූ බවත්ය. කෝචි ප්‍රදේශයේ පිහිටි සංචාරක අවන්හල් සියල්ල ඉකුත්දා හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණි.
 
 මෙයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධාන කර තිබෙනවා. ඊට සම්බන්ධ වූ පුද්ගලයින් පනස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය හරහා පූර්ව ප‍්‍රචාරයක් ලබාදෙමින් මෙම විරෝධතා ව්‍යාපාරය සඳහා පිරිස් එක්රැස් කරගෙන ඇති බවයි ඉන්දීය වාර්තාවල වැඩිදුරටත් දැක්වුයේ.
 
Rate this item
(0 votes)