May 15, 2024

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මත්පැන් ශාලා වැසේ

November 01, 2014
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මත්පැන් ශාලා 700 ක් වසා දමන ලෙසට එම ප්‍රන්ත රජය විසින් කරන ලද නියෝගය එරට මහාධිකරණය විසින් අනුමත කර ඇත.
 
2023 වන විට එරට මත්පැන් භාවිතය අඩුකිරිම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ඉන්දියාවේ ප්‍රාන්තවලින් වැඩිම මත්පැන් තොගයක්‌ පානය කරන්නේ කේරළයේ ජනතාවයි. කේරළයේ ජනයාගෙන් එක්‌ අයෙක්‌ වසරකට මත්පැන් ලීටර් 5.7 ක්‌ පානය කරන බව හෙළි වී තිබේ.
 
මත්පැන් තහනම් නීතිය නිසා කේරළයේ සුපිරි හෝටල් 21 ක සහ තරු හතරේ හෝටල් 33 ක මත්පැන් ශාලා වසා දැමීමට සිදු වි ඇත.
 
Rate this item
(0 votes)