May 15, 2024

කළු සල්ලි ගැන කියන්න ඉන්දීය රජය අධිකරණයට යයි

විදේශීය බැංකු වල අනවසරයෙන් මුදල් සැඟවූ බවට චෝදනා ලබන හයසීයකට අධික පුද්ගල නම් ලැයිස්තුවක් ඉන්දීය ආණ්ඩුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

පුද්ගලයින් 627දෙනකුගේ නම් සීල් තබන ලද කවරයක බහා අධිකරණයට භාර දී ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

එම නම් ලැයිස්තුව විශේෂ පරීක්ෂණ මණ්ඩලයකට (SIT) යොමු කරන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර ඇත.

ඉන්දීය ධන කුවේරයන් බදු වලින් බේරීමේ උපායක් වශයෙන් රුපියල් කෝටි පනස් දහසක් පමණ විදේශීය බැංකුවල තැන්පත් කර ඇතැයි ඇස්තමේන්තු කෙරෙයි.

Rate this item
(0 votes)