May 14, 2024

නිලෝෆා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට

නිලෝෆා සුළි සුළඟ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය හරහා හමා යන ලෙස එරට කාලගුණ දෙපාර්තමේන්තුව  නිවේදනයක් නිකුත් කැර ඇත. මෙම නිවේදනයත් සමඟ මුහුද ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ධීවරයන් මුහුදු යැමෙන් වැළකෙන ලෙස අනතුරු අඟවා ඇත.
 
මෙම සුළි සුළඟ ඉතා අනතුරුදායක බවයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ.‍මෙම සුළි සුළඟේ වේගය කිලෝමීටර් 145ක් දක්වා වර්ධනය විය හැකි බවත් නිවේදනය කර තිබේ ඉදිරි පැය 24 තුළ මෙම නිලෝෆා සුළි සුළඟේ වේගය තව තවත් ඉහළ යාමට ඉඩ ඇති බවද වැඩිදුරටත් සඳහන් කර සිටිනවා. ඒ සමග අධික වර්ෂාපතනයක් පතිත වීමක්ද සිදුවන හෙයින් ගංවතුර තත්ත්වයක් ද බලා‍පොරොත්තු විය හැකි බවත් වාර්තා වේ.
Rate this item
(0 votes)