May 14, 2024

ඉබෝලා තිරණයට ඕස්ටේ‍්‍රලියාවට චෝදනා

ඉබෝලා වෛරසය මැඩපැවැත්වීම සඳහා  ඕස්ටේ‍්‍රලියාව ගෙන ඇති තීරණය පාර්ශ්ව කිහිපයක චෝදනාවට ලක්ව තිබේ.ඉබෝලා වසංගතය පැතිර යන බටහිර අප‍්‍රිකානු රටවල පුද්ගලයින්ට  ඕස්ටේ‍්‍රලියාවට ඇතුළු වීම සඳහා වීසා ලබාදීම අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කර ඇත.
 
 සියරා ලියෝන් රාජ්‍යය දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ. ඇමනස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය ද මෙම තීරණය විවේචනය කර ඇති තවත් පාර්ශ්වයක් වෙනවා.
 
ඉබෝලා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4900කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ඉන් වැඩි පිරිසක් අප‍්‍රිකානු රටවල පුද්ගලයින් වේ. 
 
Rate this item
(0 votes)