May 15, 2024

සෞදි අධිකරණයෙන් නීතිඥවරුන් තුන්දෙනෙකුට දඩුවම්

සෞදි අධිකරණයක් විසින් නීතිඥවරුන් තුන්දෙනෙකුට දඩුවම් නියම කර තිබේ. මෙසේ දඩුවම් කිරිමට හේතුව වී ඇත්තේ ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ අධිකරණ තීරණ විවේචනය කිරිමයි.නිවැරදිකරුවන් වරදකරුවන් කරමින් දූෂිත තැනැත්තන් නිදහස් කරමින් ද සෞදි අධිකරණය අත්තනෝමතික ලෙස ක‍්‍රියාකරන බවට අදාල නීතිඥවරුන් ට්විටර් සටහන් තබා ඇති බවයි. 
 
සෞදි අධිකරණය විසින් සමාජ වෙබ් අඩවි මස්සේ විවිධ පුද්ගලයින් පළ කරන අදහස් සම්බන්ධයෙන් තව දුරටත් වැඩි අවධානයෙන් සිටින බවද සෞදි අධිකරණය වැඩි දුරටත් අවධාරණය කර සිටිනවා.
Rate this item
(0 votes)