May 15, 2024

යුක්රේනයේ ජනාධිපති පෙට්රෝ ඉදිරියෙන්

යුක්රේන මහමැතිවරණයෙන් ජනාධිපති පෙට්රෝ පොරෙෂෙන්කෝගේ පක්‍ෂය ඉදිරියෙන් සිටින බවට වාර්තා වෙනවා.
 
මේ වන විටත් සමස්ත ප‍්‍රතිඵලය තවමත් නිකුත් කර නැහැ. ගැටුම් නිසා පීඩාවට පත්ව සිටින ලක්‍ෂ 30 ක පමණ පිරිසකට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට නොහැකි විය. ඒ නිසා ඡන්දය ප‍්‍රතිඵලයේ වලංගු භාවය ප‍්‍රශ්නගත වන බවයි ඇතැම් පාර්ශව පවසා සිටින්නේ.
 
මේ අතර බ‍්‍රසීල ජනාධිපතිවරයා ලෙස ඩිල්මා රූසෙෆ් නැවත තේරීපත් විය. ඉකුත්දා පැවති ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල අනුව ඇයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ප‍්‍රකාශිත මුළු ඡුන්දවලින් සියයට 51 කට ආසන්න වේ.
  
 
Rate this item
(0 votes)