April 27, 2024

යුරෝපා සංගමයට බියෙන් පෝලන්තය සමලිංගික තහනම ඉවත් කරයි

September 23, 2021

යුරෝපා සංගමයෙන් අරමුදල් අහිමි වේ යැයි බියෙන්  තුළ මතභේදයට තුඩු දුන් සමලිංගික විරෝධී යෝජනාව හකුලා ගැනීමට දකුණු පෝලන්තයේ ස්විටොරිස්කි ප්‍රදේශීය බලධාරීන්ට සිදුවුණා.

එමෙන්ම එම කලාපය තුළ මින් ඉදිරියට කිසිදු සමලිංගික පුද්ගලයෙකු හට තහනමක් ක්‍රියාත්මක නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (22) දිනයේ දී ස්විටොරිස්කි ප්‍රදේශීය පාලනයේ බලධාරීන් විසින් මෙම සමලිංගික විරෝධී යෝජනාව සම්මත කරගැනීමට කටයුතු කර තිබුණු අතර ඊට පක්ෂව ඡන්ද 25ක් ලැබී තිබුණු අතර කිසිවෙකුත් එයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් තිදෙනෙකු ඊඨ ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ.

මෙම යෝජනාව සම්මත වී තිබුණේ 2019 දී කලාපයේ "සමලිංගික මතවාදය පළාත් පාලන ප්‍රජාවන්ට හඳුන්වා දීමට ගත් උත්සාහයට විරෝධය දැක්වීම සහ මෙම මතවාදය පොදු ජීවිතය තුළ ප්‍රවර්‍ධනය කිරීම සනිටුහන් කිරීම සඳහායි.

පෝලන්තයේ පළාත් පාලන ආයතන කිහිපයක්ම මෙවැනි යෝජනා සම්මත කරගෙන තිබුණු අතර එහිදී මධ්‍යම රජය විසින් එම පළාත් පාලන ආයතනවලට අනතුරු අඟවා තිබුණේ එම යෝජනා හකුලා නොගත්තොත් ඉදිරියේ දී යුරෝපා සංගමයේ ලැබෙන අරමුදල් කපා හරිනු ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 17:30