May 03, 2024

කැනඩා පාර්ලිමේන්තු සංකිර්ණයේ ආරක්ෂාව දැඩි කෙරේ

ඉකුත් දා කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි සිදු වෙඩි ප්‍රහාරයත් සමඟ එහි ආරක්ෂාව වැඩිකර ඇති බව එරට මාධ්‍ය වර්ථා කරයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට කැනෙඩියානු පොලීස් ප්‍රධානින් විශේෂ සාකච්ඡාවක් ද පවත්වන බවද වාර්ථා කරයි.
 
මෙම ප්‍රහාරය සිදුකරනු ලැබු පුද්ගලයා කැනඩාවේ ඔටාවා නගරයේ පිහිටා ඇති සමරු මධ්‍යස්ථානයක ද වෙඩි තැබිමත් සිදුකර ඇත. ඉන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වී ඇති බව පරීක්ෂණ කටයුතු වලදි අනාවර්ණය වී ඇත.
 
එම වෙඩි ප්‍රහාරයෙන් එරට ආරක්ෂක අංශයේ සමාජිකයෙකු ද මරණයට පත් විය. මෙම වෙඩි හුවමාරුවෙන් වෙඩි තැබිම සිදු කළ පුද්ගලයාද මරණයට පත්ව ඇති බව කැනඩා මාධ්‍ය වාර්ථා කරයි. 
Rate this item
(0 votes)