April 26, 2024

නළුවාගේ ආරක්ෂාවට සිටි කෝටිපති පොලිස්කාරයාට හදිසි මාරුවක්

අමිතාබ් බච්චන් කියන්නේ හින්දි සිනමාවේ සුපිරි නළුවෙක්.

මේ නිසාම ඔහුට මුම්බායි පොලිසිය විසින් පොලිස් ආරක්ෂකයන් ලබාදී තිබෙනවා.

මේ කියන්න හදන්නේ එහෙම ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරියකු පිළිබඳ කතාවක්.

බච්චන්ගේ ආරක්ෂකයා

2015 සිටම අමිතාබ් බච්චන්ගේ ආරක්ෂකයෙකු ලෙස මුම්බායි පොලිසිය විසින් අනියුක්ත කර තිබූ ජිතේන්ද්‍ර සින්ඩේව හිටි හැටියේම බච්චන්ගේ ආරක්ෂක අංශයෙන් ඉවත් කිරීමට මුම්බායි පොලිස් කොමසාරිස්වරයා කටයුතු කර තිබෙනවා.

සින්ඩේගේ ආදායම් පිළිබඳව ලැබුණු වාර්තාවක් මුල්කොටගෙන.

එම වාර්තාවට අනුව සින්ඩේගේ වාර්ෂික ආදායම ඉන්දියානු රු. මිලියන 15ක්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රු. මිලියන 37 ක් පමණ.

මාසෙක ආදායම ගත්තොත් ලංකාවේ මුදලින් රු. ලක්ෂ 31කට ආසන්න මුදලක්.

රැවුළයි කැඳයි දෙකම බේරා ගැනීම

මේ ආදායම සින්ඩේට ආපු හැටි නම් මුම්බායි පොලිසිය හෙළිදරව් කරන නැහැ.

ඒ නිසා මුම්බායි පොලිස් කොමසාරිස්වරයා රැවුළයි කැඳයි දෙකම බේරගන්න ඕන නිසා කියන්නේ සින්ඩේව මාරු කරන්නේ පොලිසිය අලුතින් හඳුන්වා දුන් සේවා මාරුවීම් ප්‍රතිපත්තිය මත නිසා බව.

ඒ කියන්නේ කිසිම නළුවෙකු හෝ නිළියක ගාව ආරක්ෂාවට තියෙන පොලිස් නිලධාරියෙකුගේ උපරිම කාලය අවුරුදු 5යි කියන නව චක්‍රලේඛයට අනුව බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 August 2021 23:44