May 02, 2024

ආසනික් වලට එරෙහිව දුම්වැටි අළු

දුම්වැටි අළු යොදාගෙන රසායන පොහොර භාවිතය අධික පෙදෙස් වල ජලයේ මිශ්‍රවී තිබිය හැකි උග්‍ර විෂකාරකයක් වන ආසනික් ඉවත් කිරීමට හැකි බව චීන විද්‍යාඥයෝ පිරිසක් සොයාගෙන ඇත.
 
මහා පරිමාණයෙන් කෘෂීකාර්මාන්තය සිදුවන කාර්මාන්ත සිදුවන පෙදෙස් වල ජලයට ආසනික් මිශ්‍රවිමේ  වැඩි ප්‍රවණතාවයක් ඇත.
 
ආසනික් ජලය භාවිතය නිසා වැඩිපුර වකුගඩු වලට වැඩිපුර හානි සිද්ධ වේ.
 
 සිදුකළ පර්යේෂණ වලට අනුව ඇළුමිනියම් ඔක්සයිඩ් මිශ්‍ර කළ දුම්වැටි අළු වලින් ආසනික් මිශ්‍රිත ජලයෙන් සියයට 96 ක ප්‍රමාණයකින් ආසනික් ඉවත් කළ හැකි යැයි සොයාගත් බව විද්‍යාඥ පිරිස පවසනු ලබනවා.
 
මිට පෙර අවස්ථාවක  කෙසෙල් ලෙලි යොදාගනිමින්ද ඔවුන් ජලයෙන් ආසනික් ඉවත් කිරීමට උත්සාහ කර තිබෙන අතර එයට වඩා මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල ලබාදී තිබේ.
 
චීනයේ ආසනික් මිශ්‍ර ජලයෙන් රෝගී වන්නන් දිනෙන් දින ඉහළ යන ප්‍රවණතාවක් පවතින බැවින් විද්‍යාඥ පිරිස උත්සාහ කරමින් සිටින්නේ ආසනික් ඉවත් කිරීමට ප්‍රායෝගික හා ලාභදායී ක්‍රමයක් සොයා ගැනිම පිණිසයි.
Rate this item
(0 votes)