May 02, 2024

ISIS ත්‍රස්තයන්ට එරෙහිව ගුවන් ප්‍රහාර වැඩි වේ

තුර්කි දේශසීමාව සමීපයේ පිහිටි සිරියානු නගරයක් වන කොබානි නගරය ආක්‍රමණය කරමින් සිටින අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහිව සිදුකරන ගුවන් ප්‍රහාර ඉහළ නැංවීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත.
 
 පසුගිය දෙදින තුළදී පමණක් සිදුකෙරුනු ගුවන් ප්‍රහාර විසි එකෙන් ත්‍රස්තයන්ගේ යම් පසුබෑමක් සිදුව ඇති බව ඔවුන් වාර්ථා කර සිටිනවා. 
 
කොබානි නගරය ත්‍රස්ත ආක්‍රමණයෙන් මුදා ගැනීමට ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදාවන් මාසයක සිට සටන් සිදුකරමින් සිටින අතර එය ලබන සාර්ථකත්වය අයි.එස්. ත්‍රස්තයන් පරාජය කිරීමේ මෙහෙයුමේ තීරණාත්මක කඩඉමක් වනු ඇති බවද ඔවුන් ප්‍රකාශ කර සිටි.
 
ඉහත දිනකදි ඇමෙරිකානු ජනපති බරක් ඔබාමා පසුගියදා රටවල් විසි දෙකක හමුදා ප්‍රධානීන් අමතමින් කියා සිටියේ අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි මෙහෙයුම දීර්ඝකාලීන වූවක් වනු ඇති බවටයි. 
Rate this item
(0 votes)