May 02, 2024

ISIS ඉස්ලාමීය අන්තවාදීන් පසුබසී

ISIS ඉස්ලාමීය අන්තවාදීන් දැවැන්ත පසුබැස්මක් පෙන්වන බව කුර්දි අණදෙන නිලධාරියා පවසා තිබේ. ඔවුන් විසින් සිරියාවේ කොබානේ නගරයේ උතුරුදිග බලය අත්පත් කරගෙන සිටි.
 
ඉස්ලාමිය අන්තවාදීන් විසින් නගරයේ නැගෙනහිර ස්ථාන දෙකක් ඇර අනෙකුත් සියළුම නගරවලට ප්‍රහාර එල්ල කර ඇත. ඒසේ වුවත් ඔවුන් විසින් පසුබසින බව අණදෙන නිලධාරී බහරීන් කණ්ඩාල් විසින් පවසයි. 
 
 ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ ගුවන් ප්‍රහාරයන්ද අන්තවාදීන්ගේ මෙම පසුබැසීමට හේතු වී ඇති  බව හා පසුගිය පැය 24 තුළ ගුවන් ප්‍රහාර 14කට වඩා ඔවුන් වෙත එල්ල කර තිබේන බව වැඩිදුරටත් සඳහන් කරයි.
 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්  වන සයීඩ් රාද් අල් හු‍සේන් විසින් පවසා ඇත්තේ ඉස්ලාමීය අන්තවාදීන් දැවැන්ත මානව හිමිකම් කඩකිරීමක් සිදුකරමින් සිටින බවත් ඔවුන් මානව හිමිකම්වලට විරුද්ධ සංවිධානයක් බවත් ඔහු මේ වන විට ආවධාරණය කර සිටියි.
 
Rate this item
(0 votes)