May 02, 2024

ඉරාකයේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට නැවත තම රටට එන්න අරාධනා

ඉරාකයේ වෙසෙන සියලුම ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට නැවත සිය රටට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියානු රජය ඉල්ලීමක් කර තිබේනවා. 
 
ඉරාකයේ බැග්ඩෑග් නුවර කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාමීය රාජ්‍යයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු රජය මේ ඉල්ලීම කර ඇත. 
 
 ඔස්ට්‍රේලියානු ජාතිකයින්ට ඉරාකය බලා පිටත්ව නොයන ලෙසට ද එරට විදේශ සහ වෙළඳ කටයුතු දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බවද වාර්ථා වෙනවා.
 
මෙම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 181 දෙනෙකු ඉරාකයේ වෙසෙන බවට වාර්තා වී තිබුණත් ලියාපදිංචි නොවු පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත තොරතුරක් නොමැති බවය.
 
බැග්ඩෑග් නුවර සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වු ඉරාකයේ පිහිටි ඔස්ට්‍රේලියානු කොන්සල් කාර්යාලය නැවත දැනුම් දෙනතුරු මහජනතාවට වසා තබා තබන බවද එරට විදේශ සහ වෙළඳ කටයුතු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Rate this item
(0 votes)