April 26, 2024

නොදන්නා දේශපාලනයට ගොස් සුපිරි නළු කමල් හසන් පරාජය වේ

දමිළ සිනමාවේ සුපිරි නළුවකු වන කමල් හසන් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී පරාජයට පත්වී තිබේ.

ඒ අනුව කමල් හසන් දේශපාලනයට පිවිසි ප්‍රථම අවස්ථාවේම පරාජය වී තිබේ.

66 වන වියේ පසුවන කමල් හසන් තමන්ගේ නායකත්වයෙන් යුත් මක්කල් නීධි මායිම් නමින් පක්ෂයක් පිහිටුවාගෙන ඒ හරහා ඡන්දය සදහා කොයිම්බතරෝ දකුණ මැතිවරණ කොට්ඨාශයට තරග කළ අතර එහිදී ඡන්ද 1330 කින් භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකාව වූ වානති ශ්‍රීනිවාසන් හමුවේ පරාජය විය.

කමල් හසන් සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ දින සිට එම මැතිවරණ කොට්ඨාශයේ ඡන්ද උණුසුම ඉහළ ගිය අතර අවසාන වටේ වු 22 දෙවැනි වටේ ඡන්ද ගණන් කිරීමේදී ශ්‍රීනිවාසන් හමුවේ පරාජයට පත් විය.

අවසාන වටේ වනතෙක් කමල් හසන් ඉදිරියෙන් සිටි අතර අදාල ඡන්ද කොට්ඨාසය සඳහා ත්‍රිපුද්ගල තරගයක් තිබුණු අතර කමල් හසන් සහ ශ්‍රී නිවාසන්ට කොංග්‍රසය නියෝජනය කළ මයුර.එස්. ජයකුමාර්ද කරට කර තරඟයක යෙදිණි.

දමිල සිනමාවේ සුපිරි තරුව ලෙස හැඳින්වෙන රැජිනි කාන්ත්ද මීට කලකට පෙර පක්ෂයක් පිහිටුවාගෙන තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ඉදිරිපත් වීමට සූදානම් වුවද හදිසියේම ඔහු අසනීප වීම මත එය දෙවියන් තමන්ට දේශපාලනයෙන් නොඑන ලෙස පණිවිඩයක් සේ සලකා දේශපාලනය කිරීමේ කටයුත්තෙන් ඉවත් විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 14:29