April 26, 2024

ඉන්දීය ජාත්‍යන්තර කායවර්ධන ශූරයා කොවිඩ් නිසා මිය යයි

මිස්ටර් ඉන්දියා කායවර්ධන කිරුළ දිනාගත් ජග්දීශ් ලාඩ් කොරෝනා රෝගය උත්සන්න වීම හේතුවෙන් මිය ගිය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සාමාන්‍යයෙන් කොරෝනා රෝගය ශරීර ශක්තිය සහිත පුද්ගලයින්ට වැළදීමේ අවධානම අඩු බවට සමාජයේ මතයක් තිබුනත් එය හුදෙක් හිතලුවක් පමණක් බවට මෙම මරණයෙන් ඔප්පු වී තිබෙන බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

කොරෝනා වැළදීම හේතුවෙන් රෝහල් ගත කරනු ලැබූ ඔහු දින හතරක් පුරාවට ඔක්සිජන් ලබා දීම මත ප්‍රතිකාර ලබා තිබේ.

ජග්දීශ් මහාරාෂ්ඨ ප්‍රදේශය නියෝජනය කරමින් කායවර්ධන තරග වෙනුවෙන් සහභාගී වී අතර 34 හැවිරිදි ජග්දීශ් කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන කිහිපයක් දිනාගෙන තිබේ.

වාර්තාවන අන්දමට මීට වසර හතරකට පෙර ඔහු කායවර්ධන ක්‍රීඩාවෙන් සමු ගෙන ඇති අතර පසුගිය වසර තුල දී කොවිඩ් වසංගතය වෙනුවෙන් රටෙහි යම් යම් ස්ථාන වසා දැමීම නිසා ඔහුට ද රැකියාව අහිමි වී තිබේ.

මිය යන විට කායවර්ධන උපදේශකයෙකු ලෙස සේවය කරමින් සිටි අතර කොරෝනා තත්වය ඉන්දියාවේ කායවර්ධන කේෂ්ත්‍රයට පවා දැඩි බලපෑමක් එල්ල කරනු ලැබූ බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙම මරණය ද ඉන්දියානුවන් සලිත කළ තවත් මරණයක් බව වාර්තා වේ. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 May 2021 10:00