May 03, 2024

ඉන්දියාවේ දුම්රිය දෙකක් හැප්පෙයි

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ් හි මගී දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. ලක්නව් සිට කිලෝමීටර් 270ක් ඉහළින් පිහිටි කඳුකර ප‍්‍රදේශයකදී අනතුර සිදු වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
 
අනතුරින් තවත් 45 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ඉන්දියාව පුරා දිනකට මගී දුම්රිය වාර නවදහසක් පමණ කි‍්‍රයාත්මක වනවා. දිනකට දුම්රිය භාවිත කරන මගීන්ගේ ප‍්‍රමාණය ලක්ෂ 18කට අධිකයි. පසුගිය මැයි මාසයේදී ද මෙම අනතුර සිදුවූ ස්ථානයටම යාබද ප‍්‍රදේශයකදී දුම්රිය අනතුරක් සිදු වූ අතර, ඉන් 23 දෙනෙකු මියගියා. 
 
Rate this item
(0 votes)