April 28, 2024

ඇෆ්ගනිස්ථාන් නව ජනාධිපති දිවුරුම් දෙයි

September 30, 2014
ඇෆ්ගනිස්ථානයේ නව ජනාධිපතිවරයා ලෙස අෂ්රෆ් ඝානී  ඊයේ (29)  දිවුරුම් දී තිබේ. 
 
ජනාධිපති අපේක්ෂකයන් වු අෂ්රෆ් ඝානී සහ අබ්දුල්ලා අබ්දුල්ලා අතර මාස 06 ක පමණ කාලයක සිට පැවති අර්බුදය නිමා කරමින් ජනාධිපතිවරයා ලෙස අෂ්රෆ් ඝානී පත්වු අතර අබ්දුල්ලා අබ්දුල්ලාට අගමැතිවරයාට සමාන බලතල සහිත තනතුරක් හිමි වුණි. 
 
දිවුරුම් දීමෙන් පසු අදහස් දැක්වු ඝානී ප්‍රකාශ කළේ ප්‍රතිසංස්කරණ සිදු කිරීම, සංවර්ධනය, දුප්පත්කම නැති කිරීම, දුෂණයට එරෙහිව ක්‍රියා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොරොන්දු වන බවයි. 
 
මේ අතර ඇෆ්ගනිස්ථානයේ දී අද එල්ල වු මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ආරක්ෂක අංශ නිලධාරීන් සිව් දෙනෙකු මියගොස් සිවිල් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
Rate this item
(0 votes)