April 26, 2024

දිනකට ඩොලර් බිලියන 9.6ක් එක තැන හිර කළ සූවස් ඇළේ තදබදය

සූවස් ඇල්ල මැද සිරවී තිබෙන නෞකාව නිසා ලෝක නෞකා ප්‍රවාහන සේවයට දැවැන්ත හානියක් සිදුව තිබේ.

ලෝක සාගර ප්‍රවාහන සේවයෙන් 12%ක් ආවරණය වන සූවස් ඇල්ල මාර්ගය ලෝකයේ නැගෙනහිර සහ බටහිර කලාපයන් ආවරණය කරන ප්‍රධාන සාගර මාර්ගයද වෙයි.

මෙම ඇළ හරහා පැයක් තුළ ඩොලර් මිලියන 400ක වටිනාකමකින් යුතු භාණ්ඩ ප්‍රවාහනය කරන අතර දිනකට බටහිර දෙසට මෙම ඇළ මාර්ගය හරහා ගෙන යන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 5.1ක් වන අතර නැගෙනහිර දෙසට ගෙන යන භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 4.5කි.

විශේෂඥයින් අනුමාන කර ඇති ආකාරයට මෙම නෞකාව ඉවත් කිරීමට සතියක පමණ කාලයක් ගතවනු ඇත.

මේ වන විට සැපයුම් නෞකා 41ක්ද, තෙල් ප්‍රවාහන නෞකා 24ක් ද ගමනාගමනට නොහැකිව සූවස් ඇල්ලේ සිරවී සිටින අතර එයින් ලෝක ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වනු ඇති බවද විශේෂඥයින් පවසා සිටියි.

මෙලෙස සිරවී සිටින නෞකා අතර ලෝකයේ වැඩි වශයෙන්ම භාවිතය ගැනෙන භාණ්ඩ බොහෝමයක් ද ඇති අතර තෙල් ප්‍රවාහනයට බාධා පැමිණ ඇති නිසා ලෝක තෙල් මිල ඉහළ යෑමක්ද සිදුවනු ඇති බව වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 26 March 2021 15:50