April 27, 2024

ගාන්ධි පවුලට භාරතීය ජනතා පක්‍ෂයෙන් නඩු

September 30, 2014
ඉන්දීය කොංග‍්‍රස් පක්‍ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි සහ එහි උප සභාපතිවරයා වන රාහුල් ගාන්ධිට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව භාරතීය ජනතා පක්‍ෂයේ ක‍්‍රමෝපායක කමිටු සභාපති ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි පවසනවා. 
 
නැෂනල් හෙරල්ඞ් පුවත්පත පවරා ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් මෙම නඩුව පවරන බවයි සුබ‍්‍රමනියම් ස්වාමි බැංගලෝරයේ දී ඉන්දීය මාධ්‍ය අමතමින් ප‍්‍රකාශ කර ඇත්තේ. 
 
ඒ අනුව සෝනියා සහ රාහුල් ද ඉක්මනින්ම සිරගත කරන බව සුබ‍්‍රමනියම් ස්වාමි මෙහිදී ප‍්‍රකාශ කර තිබෙනවා. 
 
තමිල්නාඩු හිටපු මහඇමතිනි ජයලලිතා ජයරාම්ට සිරදඩුවම් නියම කෙරුණේ ද ඇයට එරෙහිව සුබ‍්‍රමනියම් ස්වාමි මීට වසර 18කට පෙර පවරා තිබු නඩුවක් අනුවයි.
 
Rate this item
(0 votes)