April 28, 2024

අමෙරිකාව අයි.එස්. සටන්කාමීන් අවතක්සේරු කරලා

September 29, 2014

අමෙරිකාව, අයි.එස්. සටන්කාමීන් අවතක්සේරු කළ බව ජනාධිපති බැරැක් ඔබාමා පවසයි. 

අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

නිසි තක්සේරුවක් නොකිරීම නිසා අයි.එස්. සටන්කාමීන් මර්දනය කිරීමේදී ගැටලූකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවූ බව ජනාධිපති බැරැක් ඔබාමා පැවසීය.  

සිරියාවේ සහ ඉරාකයේ කි‍්‍රයාත්මක අයි.එස්. සටන්කාමීන්ගේ ඉලක්ක වෙත අමෙරිකාව විසින් ගුවන් ප‍්‍රහාර එල්ල කිරීම තවදුරටත් අඛන්ඩව සිදුකරන බවත් මෙම ප‍්‍රහාරවලින් මේ වනවිටත් අයි.එස්.සටන්කාමීන්ට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Rate this item
(0 votes)