April 28, 2024

මරණයේ මිටියාවතේ මීටර් සිය ගණනක් ගමන් කළ කළුගල්

September 27, 2014
මරණයේ මිටියාවත නම්වූ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ඇති කුඩා කාන්තාර ප්‍රදේශයේ අභිරහස අනාවරණය කර ගැනීමට පර්යේෂකයෝ සමත් වී සිටිති. 1900 දී පමණ සොයාගන්නා ලද මෙහි ඇති කළුගල් මීටර් සිය ගණනක් ගමන් කර ඇති බව දැකගත හැකි වූ අතර ඒවා ගමන් කලේ කෙසේද යන්න සොයා ගැනීමට පුරා සියවසකටකට අධික කාලයක් ගත වී තිබේ.
 
මෙහි ඇති කළුගල් ගමන් කරන්නේ කෙසේද යන්න සොයා බැලීම සඳහා ඇමරිකානු ගගන හා අභ්‍යවකාශ පාලන අධිකාරිය විසින් සාගර විද්‍යාව පිලිබඳ අධ්‍යායතනයේ සහය ඇතිව 2011 සිට ගවේෂණයක් ආරම්භ කරන ලදි. වසර 3ක් පමණ නවීන තාක්ෂණික උපකරන යොදාගෙන සිදු කරන ලද පරික්ෂණවලදී කළුගල් ගමන් කරන හේතුව අනාවරණය වී තිබේ.
 
පර්යේෂක කණ්ඩායමේ විද්‍යාඥ රිචඩ් ඩී. නෝරිස් පවසන්නේ රාත්‍රියේදී මිටියාවතේ මැටි තට්ටුවේ තුනී දියාරු හිම ස්ථරයක් ඇතිවන බවත් හිමිදිරියේ අවසානයත් සමග වැටෙන හිරු එළියෙන් එය දීයවී කළුගල් ගමන් කළ හැකි ලිහිසි මතුපිටක් නිර්මාණය කරන බවත් සුළඟේ වේගයේ ප්‍රබලතාවය අනුව කළුගල් ගමන් කිරීමේ වේගය වෙනස් වන බවත්ය.
 
Rate this item
(0 votes)