April 26, 2024

ලෝක ගෝල්ෆ් ශූරයාගේ ජීවිතය බේරු SUV රථය ගැන ඔබ නොදන්නා කතාවක්

February 25, 2021

ලෝක ගෝල්ෆ් ශූරයෙකු වූ ටයිගර් වුඩ්ගේ ජීවිතය මරාන්තික අනතුරකින් පසුව වාසනාවන්ත අයුරින් ගැලවී තිබුණි. 

මෙලෙස ඔහුගේ ජීවිතය ගැලවීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔහු ධාවනය කළ අති නවීන තාක්ෂණයෙන් යුතු වූ දකුණු කොරියානු අධි සුඛෝපභෝගී වාහන නිෂ්පාදන සමාගමක් වන Genesis (ජෙනසිස්) හී නවතම SUV රථය වන GV80 රථය පෙන්වා දිය හැකිය.

මේ සමඟම බොහෝ දෙනාගේ අවධානය මෙම දකුණු කොරියානු වාහන නිෂ්පාදන සමාගමේ මෙම SUV රථය වෙත යොමු වී තිබේ.

මෙම GV80 රථය සතුව එයාර්බෑග් 10ක් ඇති බවට සඳහන් වෙයි. මෙම එයාර්බෑග් අනතුරක් සිදුවී තප්පර 0.3ක වේගයෙන් පිටතට පැමිණෙයි. 

එමෙන්ම මෙම රථයේ GV80හී දියුණු ධාවක ආධාරක පද්ධති කැමරාවන් සහ සංවේදක භාවිතා කරමින් බාධා කිරීම් හඳුනා ගැනීමට හෝ අනතුරක් සිදුවීමට ඇති අවස්ථාවන්වලින් ඇතිවන බලපෑම අවම කරයි. එමෙන්ම මෙම රථයට රියදුරාගේ හැසිරීම පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර ඒ අනුව වාහනයේ පද්ධතින්ද වෙනස් වන අයුරින් සකසා ඇත.

එමෙන්ම මෙහි ඇති ඉදිරි කැමරා පද්ධතිය හරහා මාර්ගයේ ඇති බාධක හඳුනා ගැනීම හා වෙනත් මාර්ගයේ ඇති ගැටලු හඳුනා ගැනීමට හැකියාව තිබේ. එමෙන්ම වාහනය ගමන් කරනා මාර්ග අනුව විවිධ පද්ධතින්ද මෙම රථයට එක්කර ඇති අතර ඒවා අනුව වාහනයේ ගමන් කරන ආකාරයන් සහ පද්ධතින්වල හැසිරීමද වෙනස් කිරීමට හෝ පාලනය කිරීමටද හැකියා පවති.

මෙම රථයේ සෑම පද්ධතියක්ම අනතුරක් සිදුවුණු අවස්ථාව එහි ගමන් කරනා පිරිස හට අවම හානියක් වන අයුරින් සකසා ඇති නිසා එහි ගමන් කරනා අයගේ ජීවිතය හානිද අවම පවතී.

මෙම රථය ටයිගර් වුඩ්ස්ගේ පෞද්ගලික රථයක් නොවන අතර ඔහු සහභාගී වූ ගෝල්ෆ් තරඟාවලිය සඳහා සත්කාරකත්වය සපයන Genesis (ජෙනසිස්) ආයතනය විසින් ලබා දී තිබූ රථයකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 February 2021 16:55