April 27, 2024

"කිං ඛාන්" ෂාරුක්ගේ වත්කම කෝටි 5000 පනි - බදු නිලධාරීන් සීරුවෙන්

"කිං ඛාන්" නමින් හැදින්වෙන සුපිරි හින්දි චිත්‍රපට නලු ෂාරුක් ඛාන්ගේ වත්කම ඉන්දියානු රු කෝටි 5000 ඉක්මවා තිබේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 12500 පමණ වේ.

ශාරුක් ඛාන් එක චිත්‍රපටයක රඟපෑම සඳහා ඉන්දියානු රු කෝටි 70 එනම් ශ්‍රී ලංකා මුදලින් රු කෝටි 175 ක මුදලක් අය කරනු ලැබේ.

එමෙන්ම වෙළඳ දැන්වීමක පෙනී සිටීම සඳහා ෂාරුක් ඛාන් ඉන්දියානු රුපියල් කෝටි 20ක එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 50 ක මුදලක් අය කරනු ලැබේ.

බොහෝ හින්දි නළු නිළියන් සිය වත්කම් හා ඉපයීම් සම්බන්ධයෙන් ගෙවිය යුතු බදු මුදල් නොගෙවීම හේතු කොටගෙන ඉන්දීය බදු නිලධාරීන්ගේ නිරන්තර අවධානයට ලක්ව තිබේ.

Rate this item
(0 votes)